එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ජනපති අද ඇමරිකාවට

එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (17) පස්වරුවේ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන 03 වන අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.

ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සඳහා ප‍්‍රයන්ත දැරීම, (Focusing on people : Striving for peace and a decent life for all on a sustainable planet) තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී පැවැත්වේ.

එහි ප‍්‍රධාන සැසිවාරය සැප්තැම්බර් 19 වනදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, සැසිවාරයට සහභාගීවන ලෝක නායකයින් රැසක් සමග ජනාධිපතිතුමා සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top