ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 75ක්

ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය විසින් මූල්‍ය අංශ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 75ක මූල්‍යාධාරයක් ලබා දී තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම පුද්ගලයින් සහ මූල්‍ය සේවා අතර වෙළෙඳපොල කාර්යක්ෂම කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව පැවැසේ.

මූල්‍ය ආධාර ලබා දීම සදහා වන ගිවිසුම මුදල් අමාත්‍යංශයේ දී ඊයේ අත්සන් තැබුණා. මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආර් එච් එස් අමරතුංග මහතායි. ලෝක බැංකුව නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින් කලාපය භාර අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි මෙනෙවිය අත්සන් තබා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top