පාකිස්තානය සමගවූ ටෙස්ට් තරඟාවලියේ ජය ලංකාවට

සත්කාරක පාකිස්තාන කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඩුබායි හි පැවැති දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ ලකුණු 68ක විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග දෙකකින් යුතු ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන තිබේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 482ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 262ක් රැස් කළේය.

දෙවැනි ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 96 කට සීමා කළ පකිස්තානුවන් ජයග්‍රහණය සඳහා ලකුණු 317ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසියත් ඔවුනට රැස් කරගැනීමට හැකි වූවේ ලකුණු 248ක් පමණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top