අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. අද (29) දින පස්වරු 1ට පමණ හම්බන්තොට, වීරකැටිය ප්‍රදේශයේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි. මැදමුලන ප්‍රදේශයේ පිහිටි හෙලිකොප්ටර් යානා ගොඩබස්වන අංගනයක වී වේලීමේ කටයුතුවල යෙදී සිටි තිදෙනෙකු මෙලෙස අකුණු සැර වැදී මියගොස් තිබේ.