ඉරණයිමඩු වැව අසල තිබූ බුදු පිළිමය ඉවත් කරයි..

කිලිනොච්චිය ඉරණයිමඩු වැව අසල තිබූ බුදු පිළිමය ඉවත් කර තිබේ. ඉරණයිමඩු වැවෙහි ඉංජිනේරු කාර්‍යාලය පිහිටා ඇති ගොඩනැගිල්ලදි යුද්දයෙන් පසු හමුදාව විසින් තම අවශ්‍යතාවය සඳහා ද, යුද්දය අවසන්වූ පසු ඉරණයිමඩු වැව බැලීමට පැමිණෙන සිංහල ජනතාවට සිය පූජා කටයුතු සඳහා ඉදිකළ බව පැවැසෙන බුදු පිළිමය මෙලෙස ඉවත් කර තිබේ.

ඉරණයිමඩු වැවේ වාන් දොරටුව අසල පිහිටි ඉංජිනේරු කාර්‍යාලය අයත් ගොඩනැගිල්ල යුද්දයෙන් පසු හමුදාව භාවිතා කළේය. මාස කිහිපයකට පෙර හමුදාව එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු එහි බුදු පිළිමය පමණක් දැක්නට තිබුණි. දැන් එම බුදු පිළිමයද එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top