දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් අල්ලා ගැනීමට පොලිසියේ සහාය

දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 30,000 පමණ සිටින බවට විවිධ අංශ විසින් තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශය වෙත වාර්තා වී ඇති අතර එවැනි නීති වීරෝධි වෛද්‍යවරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ සහයෝගය ලබාගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

දැනට දිවයින පුරා පුද්ගලික වෛද්‍ය සේවා කටයුතුවල වෛද්‍ය නිලධාරීන් 15,000 ක් සේවය කරති. නමුත් ව්‍යාජ වෛද්‍යවරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වෛද්‍යවරුන් පුද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි විය යුතුයි. මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සියලුම පෞද්ගලික සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියි.

වෛද්‍ය නිලධාරීන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම තුලින් ආරක්ෂිත, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලැබී ඇත. පෞද්ගලික අංශයෙන් ද එවැනි සේවාවන් ලබාදීම සඳහා ව්‍යාජ වෙද්‍යවරුන් පිළිබද තොරතුරු පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාවට ලබාදෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top