ජවිපෙ අපේක්ෂකයින්ට ආචාර ධර්ම පද්ධතියක්

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වන සියළුම අපේක්ෂකයින්ට ආචාරධර්ම පද්ධතියක් හදුන්වා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

මෙම මස 17 වන දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන අපේක්ෂක සමුළුවේදී මෙම ආචාර ධර්ම පද්ධතිය හදුන්වා දීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය. ඊයේ (15) දින නාම යෝජනා පත්‍ර අත්සන් කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top