උදයංගගේ දේපළ උකස් කිරීම හා විකිණීම තහනම්

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත් දොම්පේ ප්‍රදේශයේ ඉඩම් දෙකක් පැවරීම, උකස් කිරීම හා විකිණීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊයේ (19) අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කර තිබේ.

ඔහුට අයත් බොරැල්ල, ඇල්විටිගල මාවතේ ට්‍රිලියම් රෙසිඩන්සිස් ගොඩනැගිල්ලද උකස් කිරීම, පැවරීම හා විකිණීම තහනම් කරමින් කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කර ඇත.

උදයංග වීරතුංගට අයත් බැංකු ගිණුමු 08ක රුපියල් මිලියන 94ක වත්කම් ඇති බව ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අනාවරණය කර තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top