යාපනය මාදකල් ප්‍රදේශයේදී කාන්තා මළසිරුරක් සොයා ගැනේ..

යාපනය, මාදකල් ප්‍රදේශයේ දී සැක සහිත අයුරින් මියගිය කාන්තාවක්ගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. අන්ටන් උදයරාජ් ඩිලක්සි නැමැති 22 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති බව පැවැසේ.

අද (1) පෙරවරුවේ මියගිය කාන්තාවගේ සැමියා සහ දෙමව්පියන් කෝවිලට ගොස් නිවසට පැමිණි අවස්ථාවේ එම කාන්තාව මිය ගොස් ඇති බව වාර්තාවේ. සිද්ධිය සම්බන්‍ධයෙන් ඉලවාලයි පොලීසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු අරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top