වාස් ගුණවර්ධන වසර 5 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරයි..

2013 වසරේදී කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට පැමිණි රහස් පොලීසියේ නිලධාරීන්ට මරණ තර්ජනය කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ ඔහු වරදකරු වී ඇත.

ශානී අබේසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 06ක් යටතේ වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහුට බරපතල වැඩ සහිතව වසර 5ක සිර දඩුවමක් සහ රුපියල් 25,000 ක දඩයක් අද (12) දින නියම කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top