පාසල් අවට දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය අප්‍රේල් මස 07 දින ප්‍රකාශයට

පාසල් අවට මීටර් 100 ක දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය අප්‍රේල් මස 07 දිනට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය දා ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

පාසල් අවට මීටර් 500 ක දුරින් දුම්වැටි අලෙවි කිරීම නතර කිරීමට මීට පෙර තීරණය කර තිබුන ද එය මේ වනවිට මීටර් 100 දක්වා අඩු කර ඇත. තව ද වයස අවුරුදු 18 ට අඩු අයට පමණක් සිගරට් අලෙවි කිරීම තහනම් කිරීමේ නියෝගය වයස අවුරුදු 21 දක්වා වැඩි කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත. මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉදිරියේ දී ලබාගැනීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top