කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

මීගමුව සහ නවච්චෝලේ ප්‍රදේශවල සිදු කළ සෝදිසි කිරීම්වලදී රුපියල් කෝටි හතරකට වඩා වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වී තිබේ.

බටහිර නාවික විධානයට ලැබූණු තොරතුරකට අනුව මීගමුව ප්‍රදේශයේ සිඳුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ගංජා කිලෝ ග්‍රෑම් 403ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නැගෙනහිර නාවික විධානයට ලැබුණු තවත් තොරතුරකට අනුව නවච්චෝලේ ප්‍රදේශයේ දී සිඳුකළ සෝදිසියකින් කේරළ ගංජා කිලෝග්‍රෑමයක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top