දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය (8) බ්‍රහස්පතින්දාට

ඊයේ (03) පෙරවරුවේ අපවත් වී වාදලා දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා (08) සවස සිදු කිරීමට තීරණය වී ඇත.

කොළඹ සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘද වන්නේ උන්වමන්සේය.

ආදාහන පූජෝත්සවය පැවැත්වෙන වේලාව සහ ස්ථානය පිළිබඳව අද පස්වරුවේ පැවැත්වෙන දායක සභාවේ විශේෂ රැස්වීමකදී තීරණය කෙරෙනු ඇතැයි පැවසේ.

උන්වහන්සේගේ දේහය අද රාත්‍රි 10ට පමණ විහාරස්ථානයට වැඩමවීමට නියමිත අතර රාත්‍රි 12න් පසු ජනතාවට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබාදෙනු ඇත.

අපහත්වන විට 54 වන වියෙහි පසූ වූ කුසලධම්ම හිමියෝ කාලයක් රෝගාතුරව සිටි බව දැනගන්නට තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top