හිටපු කොටි සාමාජිකයන් ඇතුළු 10ක් අත්අඩංගුවට

මුල්ලතිව්, ඔට්ටුසුට්ටාන් ප්‍රදෙිශයේ දී නිදන් හෑරීමට උත්සහ කළ දහ දෙනෙකුව මුල්ලතිව් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ දින 11.50ට පමණ ඔවුන්ව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

මුල්ලතිව් විශේෂ කාර්‍ය බළකායට ලැබුණු තොරතුරක් මත සිඳුකළ වැටලීමකින් අනතුරුව සැකකරුන් දහ දෙනා ඇතුළු නිදන් හෑරීමට යොදාගත් භාණ්ඩ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් නුවර, නුවරඑළිය, මුල්ලතිව්, විශ්වමඩු, නිට්ටඹුව, වත්තේගම, ඇතුළු ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, ඔවුන් අතර හිටපු කොටි සාමාජිකයන් ද සිටින බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top