හින්දු කෝවිල් විනාශ කිරීම නවතා දමන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්!

උතුරු පළාතේ හින්දු කෝවිල් විනාශ කිරීමේ සිද්ධීන් මැඩපවත්වන්නැයි ඉල්ලා සමස්ත ලංකා සෛව මහා සභාව විසින් අද (4) දින යාපනයේදී උද්ඝෝෂණයක් පවත්වා තිබුණි.

අද පෙරවරු 9.30ට පමණ නල්ලූර් කන්දසාමි කෝවිල අසල ආරම්භ වූ පාගමන මහ ඇමැති කාර්‍යාලය දක්වා ගොස් එහිදී මහ ඇමැතිවරයා වෙත සන්දේශයක් ද භාරදුන්හ. තවද ජනාධිපති සහ අගමැතිවරයා වෙත උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හරහා ද හින්දු සංස්කෘතික දෙපාර්තුමෙන්තු නියෝජිතයන් හරහා හින්දු සංස්කෘතික අමාත්‍යවරයා වෙත ද යැවීමට සංදේශය භාරදීමට නියමිතය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top