ස්විස්ටර්ලන්ත මහකොමසාරිස්වරයා ඊයේ (13) දින කිලිනොච්චියේ සංචාරයක නිරතවූහ. ඔහු කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට වසරකට අධික කාලයක් අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව ද හමුවී සාකච්ඡා කළේය. ස්විස්ටර්ලන්ත මහකොමසාරිස්වරයා සමඟ ස්විසර්ලන්ත කොමසාරිස් කාර්‍යාලයේ දේශපාලන අංශ භාර අධ්‍යක්‍ෂකවරයා ද සහභාගිවූහ.


