නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සහ ස්විට්සර්ලන්තයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු , එම රටවලින් පිටුවහල් කර අද (14) පෙරවරුවේ යළිත් ආපසු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තාවේ.
මෙයින් ලාංකිකයන් 15 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිට ද තවත් ලාංකිකයන් 11 දෙනෙකු ස්විට්සර්ලන්තයේ සිට ද එම රටවලට අදාළ විශේෂ ගුවන් යානාවලින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබේ.
මෙලෙස රටින් පිටුවහල් කළ පිරිස අතර, සිංහල සහ ද්‍රවිඩ ජාතිකයන් සිටින බව ගුවන් තොටුපොල ආරංචි මාර්ග සඳහන් කරයි.