මාදම්පේ ප්‍රදේශයේ සිඳුවූ පහරදීමකින් අනතුරුව නොසන්සුන් තත්වයක්

මාදම්පේ පැරණි නගරයේදී බීමත් පුද්ගලයකු වයසක පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් නගරය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතී වීම හේතුවෙන් ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් කීපයක් කැදවා ඇති බව මාදම්පේ පොලීසිය කියයි.

පහර කෑමට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර සදහා මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට මාරු කර යවා ඇත.

පහරදීම සිදු කළ බව කියන 28 හැවිරිදි පුද්ගලයෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය වන අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බව පොලීසිය කියයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top