විමල් වීරවංශ හා ජයන්ත සමරවීරට වරෙන්තු

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (19) දින නියෝග කර තිබේ.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණිමට විරුද්ධත්වය දක්වමින් 2016 පෙබරවාරි 6 වනදා මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීම් ඇතුළු චෝදනා යටතේ පැවති නඩුවක් අද කැඳ වූ අවස්ථාවේ එම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනි නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top