රුසියාවේ ජනාධිපතිවරණය – පුටින් යළි රුසියාවේ ජනපති වෙයි..

රුසියානු ජනාධිපතිවරණයේ දී අපේක්ෂිත ජයග්‍රහණය ලබාගැනීමට ව්ලැදිමිර් පුටින් සමත්ව ඇත.

ඒ අනුව ව්ලැදිමිර් පුටින්ට තවත් වසර 06ක නිල කාලයක් සදහා අවස්ථාව හිමිවනු ඇත.

සමස්ත ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය 60%ක් වූ අතර ඒ අතරින් ජනාධිපති පුටින්ට 76%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවූ බව එරට මැතිවරණය කොමිසම පවසයි. 65 හැවිරිදි ව්ලැදිමිර් පුටින් ජනාධිපති පදවියට පත්වන සිව්වන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

දූෂණ චෝදනාවකට වරදකරු වීම නිසා රුසියාවේ ප්‍රධාන විපක්ෂ නායකයා වන ඇලෙක්සෙයි නවාල්නිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි විය.

ජයග්‍රහණයෙන් පසු ව්ලැදිමිර් පුටින්ට මොස්කව් නුවර පිහිටි ඔහුගේ පක්ෂ මූලස්ථානයේදී තම පාක්ෂිකයන් අමතමින් තමන්ට ඡන්දය ප්‍රකාශ කල ජනතාවට ස්තුතිය පල කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top