ඒකල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක ගෑස් කාන්දුවකින් 35ක් රෝහලට

ජා ඇල, ඒකල ප‍්‍රදේශයේ ඇගළුම් ආයතනයක අද (20) දින සිදු වූ ගෑස් කාන්දුවකින් පසුව පුද්ගලයින් 35 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

ඊයේ සිට මෙම ගෑස් කාන්දුව සිදු වූ බව වාර්තා වේ. අද දින අදාළ කම්හලට සේවක සේවිකාවන් සේවයට වාර්තා කර මද වේලාවකින් සිහිසුන් තත්ත්වයකට පත්වීම මත එම කම්හල් පාලානාධිකාරිය ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.‍

රෝගී වූ පිරිස ගම්පහ, ජා ඇල සහ රාගම යන රෝහල්වල ප‍්‍රතිකාර ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top