විශ්වාසභංගය පරාජය කිරීමෙන් අනතුරුව 2020 මහමැතිවරණය ජය ගැනීමේ සටන ආරම්භ කරනවා

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂය 2020 මහමැතිවරණය ජය ගැනීමේ සටන අනිවාර්යයෙන්ම ආරම්භ කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය‍.

ඇමතිවරයා මේ බව කියා සිටියේ සිරිකොත අද(02) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එසේම මෙම විශ්වාසභගයෙන් අනතුරුව එම ක්‍රියාවලියට මැදිහත්වූ සහ එහි පිටුපස සිටින දූෂිත දේශපාලඥයින් පිළිබඳ කරුණු අනාවරණය කිරීමට ද සූදානම් බව ද හෙතෙම කියා සිටියේය‍.

එසේම අගමැතිවරයාට එරෙහිව ගෙන ආ මෙම විශ්වාසභංගයට තේමාව වූ බැදුම්කර සිද්ධිය පිළිබඳව ද මාධ්‍ය හමුවේදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කරුණු පැහැදිලි කළේය. ඒ අනුව මහ බැංකු අධිපතිවරයා පත් කිරීම නීත්‍යානූකූලව සිදු වූ බවත් පසුගිය කාලවකවානුව දෙස බැලූ විට සුදුසුකම් අතින් වැඩිම මහබැංකු අධිපතිවරයා පත් කර තිබුණු බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇතැයි ද ඇමතිවරයා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top