මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුවේ සැකකාර සිංගප්පූරු සමාගම් දෙකකට සහ විදේශිය ජාතිකයින් සිව් දෙනෙකුට ලබන ජුනි මස 08 වැනිදාට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා වෙත ගොස් ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසට කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබේ.
කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නොතීසි නිකුත් කර ඇත්තේ සිංගප්පූරු සමාගම් දෙකක නියෝජිතයින් දෙදෙනකුට, යුක්රේන් ජාතිකයින් දෙදෙනකුට සහ සිංගප්පූරු ජාතිකයින් දෙදෙනකුටය.
එසේම, මෙම නොතිසිය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කර සීග‍්‍රගාමී තැපැල් සේවය මගින් සහ කුරියර් සේවාව මගින් යැවීමටද අධිකරණය නියෝග කර ඇත.
විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතියෙකු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙහි ප්‍රධාන සැකරුවෙකි.