ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය අද (09) යි.
ඒ නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දූෂණ විරෝධි ජාතික සමුළුවක් කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.
රටතුළ අල්ලස වැළැක්වීමේ අරමුණින් ජනතාව දැනුවත් කිරීම, මෙම සමුළුව තුළින් බලාපොරොත්තු වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසා සිටියි.