විජය නන්දසිරි මහතා දිවියෙන් සමු ගනී

ප්‍රවීන රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

අසනීප තත්ත්වයෙන් පසූ වූ ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අද දින කළුබෝවිල රෝහලට ඇතුළත් කිරිමෙන් සුළු මොහොතකට පසුව අභාවප්‍රාප්ත විය. ජිවිතක්ෂයට පත්වන විට ඔහු 72වෙනි වියේ පසු විය.

1944 වසරේදී උපත ලද විජය නන්දසිරි මහතා වේදිකාව, සිනමාව හා ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක විය. ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි ගේ සැමියා වූ ඔහු දෙදරු පියෙකි.

මනමේ, සිංහභාහු මහාසාර, නරිබෑනා, ජසයා සහ ලෙන්චිනා, ඇතුළු වේදිකා නාට්‍යවලට ඔහු රංඟනයෙන් දායක වූ ඔහු නොනවරුනි මහත්වරුණි, යර්ස් බොස් එතුමා, මෙතුමා, සිකුරු හතේ, සුහද කොකා වැනි විකට නාට්‍ය තුළින්, ප්‍රහසන නළුවෙකු ලෙස ද ඔහු ජනාදරයට පාත්‍රවිය.

විජය නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අගෝස්තු 11 වැනිදා ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top