රුසියානු ගුවන් යානයක් කළු මුහුද ආසන්නයේ කඩා වැටේ

රුසියානු ගුවන් යානයක් පුද්ගලයින් 92ක් සමග සිරියාවේ “යටකියා”ව බලා පියාසර කරමින් තිබියදී  කළු මුහුද ආසන්නයේ කඩා වැටී ඇති බව වාර්තාවේ. අද (25) පෙරවරුවේ මෙම ගුවන් යානය ගුවන් ගත වීමෙන් පසු රේඩාර් පථයෙන් නොපෙනී ගිය බව පැවැසේ.

රුසියානු ගුවන් හමුදාවට අයත් එම යානයේ සිටි ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම, එරට මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන් 9 දෙනා ඇතුළු පුද්ගලයින් 92 දෙනා අනතුරෙන් මිය ගොස් ඇති බවද වාර්තාවේ.

ප්‍රධාන පෙළේ රුසියානු මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ ස්වේච්ඡා සේවිකාවක වන එලීසවෙටා ග්ලින්කා ද මෙම ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top