ප්‍රබාකරන් ගැන විජයකලා කළ ප්‍රකාශය වැරදියි – ස්වාමිනාදන්

කොටි සංවිධානයේ නායක වෙලුපිල්ලේ ප්‍රබාකරන් සම්බන්‍ධයෙන් රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේශ්වරන් මෑතකදී කළ ප්‍රකාශය වැරදි බව අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන් මහතා පවසයි.

කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන් ගැන විජයකලා කළ ප්‍රකාශය තරයෙන් ප්‍රතික්‍ෂේප කරන බවත්, එයට දැඩි විරෝධය පළ කර සිටින අතර, මෙය අනවශ්‍ය හා නොසුදුසු ප්‍රකාශණ බව සිය ස්ථාවරය බව ස්වාමිනාදන් මහතා පවසා තිබේ.

දේශපාලන අරමුණක් සඳහා මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද හෙතෙම පෙන්වාදී තිබේ.

කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අද සිටියේ නම් ඔහු අගමැතිවරයා වනු ඇති බව රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්‍ධයෙන් අදහස් ප්‍රකාශ කළ ස්වාමිනාදන් මහතා මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top