මුල්ලතිව් ප්‍රදේශයේ හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර 243ක් දිස්ත්‍රික්ක ලේකම් වෙත භාර දෙයි..

මුල්ලතිව් කේප්පාපුලවු ප්‍රදේශයේ හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර 243ක් මුල්ලතිව් දිස්ත්‍රික්ක ලේකම් රූපවති කෙදීස්වරන් වෙත භාරදුන්හ.

ඉකුත් ඉඩම්වල මුල් අයිතිකරුවන්ට එම ඉඩම් අද නිළ වශයෙන් භාරදුන් අතර, මුල්ලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොඨාශ හයකදි මෙතෙක් ඉඩම් ඔප්පු නොලැබුණු 1350 දෙනෙකුට සිය ඉඩමේ ඔප්පු ද අද දින ප්‍රදානය කෙරුණි. තවද 300 දෙනෙකුට රුපියල් ලක්‍ෂය බැගින් ජිවනෝපාය ආධාර ද පිරිනැමුණි.

මෙම අවස්ථාවට දෙ.ජා.ස. පාර්ලිමෙන්තු මන්ත්‍රී දර්මලිංගම් සිද්ධාර්තන්, උතුරු පළාත් සභාවේ උප සභාපති කමලේස්වරන්, පොලිස්පති පූජිත ජයසුන්දර, මුල්ලතිව් දිස්ත්‍රික්ක හමුදා ආඥාපති ඇතුළු නිළධාරින් බොහෝ දෙනෙකු සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top