යාපනය මරුදඩි මාර්ගයේ පිහිටි ඉන්දිය නියෝජ්‍ය තානාපති කාර්යාලයේ නාම පුවරුව නාඳුනන පිරිසක් විසින් විනාශ කර තිබේ. අසල පිහිටි වෙළඳසැල් දොරටු ද කඩුවලින් කපා මෙලෙස විනාශ කර තිබේ.
ඊයේ ඉරිදා දින රාත්‍රී සිඳුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳසැල් හිමියන් විසින් යාපනය පොලිසියට පැමිණිළි කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.