නඩේස්වරා පාසලේ විදුහල්පති එල්ලී දිවි නසාගෙන

කාන්ගසන්තුරයි නඩේස්වරා පාසලේ විදුහල්පතිවරයා අලවෙටි ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ. ඊයේ දින ඔහු මෙලෙස සිය දිවි හානිකරගෙන ඇති බව වාර්තාවේ.

මානිප්පායි ප්‍රදේශයේ පදිංචි පො. අමිර්දලිංගම් (වයස 58) නැමැති විදුහල්පතිවරයකු මෙලෙස සිය දිවි හානිකරගෙන තිබේ. මානිප්පායි ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු ඊයේ නිවාඩු දිනයක් බැවින් අලවෙටි ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසට පැමිණ තිබේ. දැනට එම නිවසේ කිසිවකු ජීවත් නොවන බවද වාර්තාවේ.

උදෑසනම නිවසින් පිටත්ව ගිය ඔහු ගැන කිසිඳු තොරතුරක් නොමැති හෙයින් ඥාතීන් හා අසල්වැසියන් ඔහුව සෙවීමට පටන්ගෙන තිබේ. අනතුරුව අලවෙටි ප්‍රදේශයේ පිහිටි නිවසට ද ගොස් සෝදිසි කිරීමේදී ඔහු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබීම දැක ඥාතීන් වහාම තෙල්ලිපලයි පොලිසියට දැනුම් දී තිබේ.

පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top