පොලිස්පතිවරයා ජපානයට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජපානය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තාවේ.

ජපානයේ ටෝකියෝ නුවරදී අද සිට ලබන 24 වනදා තෙක් පැවැත්වීමට නියමිතව ඇති 22 වන ආසියා – පැසිෆික් මත්ද්‍රව්‍ය මෙහෙයුම් බලාත්මක කිරිමේ සමුළුවට සහභාගීවිම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) ජපානය බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසා සිටියි.

මේ හේතුවෙන් අද සිට හෙට (21) වන දින තෙක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කරනු ඇති අතර ලබන 22 වැනිදා සිට 24 වැනිදා තෙක් කාලය තුළ වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමරත්න මහතා කටයුතු කිරීමට නියමිතිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top