ට්‍රම්ප්ගෙන් අලුත් නියෝගයක්

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හයකට බලපාන පරිදි නව සංක්‍රමණික තහනමක් පනවමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තැබූ බව ධවල මන්දිරය පවසයි.

මීට පෙර අත්සන් තැබූ සංක්‍රමණික තහනම සංශෝධනයට ලක්කරමින් නිකුත් කළ මෙම නව විධායක නියෝගය දින 90කට බලපැවැත්වෙනු ඇත.

කලින් අත්සන්කර තිබූ නියෝගය අධිකරණය විසින් අත්හිටුවනු ලැබූ අතර එහි රටවල් හතක් නම්කර තිබුණි. නමුත් සංශෝධිත නියෝගයෙන් ඉරාකය ඉවත් කර තිබේ. එමෙන්ම නීත්‍යනුකූල වීසා බලපත් සහිත පිරිසට එක්සත් ජනපදයට ඇතුළුවීමට නව නියෝගයෙන් අවසර ලබා දී ඇත.

එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් කියා සිටියේ ඇමරිකානු ජනතාවට ආරක්ෂාව සැපයීම සඳහා ජනාධිපති ට්‍රම්ප් සිය බලතල පාවිච්චිකරන බවය.

නව විධායක නියෝගයට අනුව සංක්‍රමණික තහනම ක්‍රියාත්මක වන්නේ ඉරානය, සුඩානය, සිරියාව, ලිබියාව, සෝමාලියාව සහ යේමනයට ය.

– බීබීසී සිංහල –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top