විමල් වීරවංශගේ ඇප අයදුම්පත ඉවත දමයි

රජයේ වාහන 40ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ප්‍රතිශෝධන ඇප අයදුම්පත කොළඹ මහාධිකරණය අද (21) ප්‍රතික්‍ෂේප කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ අදාළ ප්‍රතිශෝධන ඇප අයදුම්පත්‍රය සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස ප්‍රතික්‍ෂේප කර තිබේ.

පොදු දේපල පනත යටතේ රුපියල් 25,000ට වැඩි අවභාවිතාවක් සිදු කර ඇති අවස්ථාවලදී මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ලබාදිය හැක්කේ සුවිශේෂි කරුණු යටතේ පමණක් බැවින් මෙලෙස මහාධිකරණය හමුවේ ඇප අයදුම්පතක් ගොනු කළ නමුත් සුවිශේෂි කරුණු නොමැති බැවින් ඇප ලබා නොදීමට කොටුව මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය නිවැරදි බවද විනිසුරුවරයා අද ප්‍රකාශ කර ඇත.

විමල් වීරවංශ මහතා ලබන මස 03 වන දා දක්වා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top