මානව හිමිකම් කොමසාරිස් ලංකාවට එරෙහිව කටයුතු කරන බවට චෝදනාවක්

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් සයිද් අල් හුසෛයින් මහතා ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන බවට එක්සත් ජාතීන්ගේ මහ සභාවේදී පැමිණිළි කර තිබේ. ලෝක ශ්‍රී ලංකා සංසදය නැමැති සංවිධානය විසින් මෙලෙස පැමිණිළි කර තිබේ. සිංහල ජාතිකවාදි සංවිධාන හා ඩයස්පෝරා සිංහල සංවිධාන එක්වී මෙම සංවිධානය පිහිටුවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාව පිළිබඳව මහ කොමසාරිස්වරයා අනුගමනය කරන ක්‍රියාමාර්ගය ගැන විමර්ශණය කිරීමට පුද්ගලයකුව පත්කරන්නැයි ඉකුත් පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ. එම පැමිණිල්ලේ පිටපත් රුසියාව, පාකිස්ථානය, චීනය ඇතුළු රටවල්හි රාජතාන්ත්‍රිකයන් වෙත යවා ඇති බවට කොළඹ මාධ්‍යයකින් අනාවරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top