වැල්වෙටිතුරයි ප්‍රදේශයේදී හෙරෝයින් සමඟ පුද්ගලයෙකු අත්තඅඩංගුවට

යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 2ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චිමින්ද වලාකුලුගේ මහතා සඳහන් කළේ, සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 500යේ පැකට් 4ක් සොයා ගත් බව ය.

ඊයේ (27) උදෑසන නාවික හමුදාව සහ සුරාබදු නිලධාරීන් එක් ව කළ වැටලීමකදී හෙරොයින් තොගය යොයා ගත් බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top