පළාත් පාලන මැතිවරණය මෙම වසරේදීම පැවැත්විය හැක – ජනපති

නව ඡන්ද ක්‍රමයකට අනුව මෙම වසරේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මාර්තු 12 ව්‍යාපාරය ක්‍රියාත්මක කළ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සමාප්ති උළෙලට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

නව පළාත් පාලන විමසීම් ක්‍රමය සමග නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගමු යන්න සමාප්ති උළෙලේ තේමාවයි. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සුදුසු පුද්ගලයන් ඡන්ද නාමලේඛණයට ඇතුළත් කිරීම සදහා ජනතාව හා සියලු පක්ෂ දැනුවත් කිරීම මෙම වැඩසටහන් මාලාව තුළින් සිදු කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top