සිරියාවේ ඩමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දරුණු පිපිරීමක්

සිරියාවේ ඩැමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වේ.

පිපිරීමේ හඩ නගරය පුරාම පතිරුණු බව එහි සිටින මානව හිමිකම් නිරීක්‍ෂකයින් තහවුරු කර තිබේ. පිපිරීම සමග විශාල ගින්නක් ද ඇතිව තිබෙන අතර ප්‍රදේශය පුරා දුමෙන් වැසී ඇති බව ඔවුන් තවදුරටත් සදහන් වාර්තා කර තිබේ.

පිපිරීම කවුරුන් සිදුකළේ ද යන්න පිලිබද මෙතෙක් අනාවරණය වී නැහැ. මෙම පිපිරීමෙන් සිදුව ඇති ජීවිත හා දේපල හානි පිලිබද තොරතුරු ද මෙතෙක් වාර්තා වී නැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරන්නේ.

සිරියානු ජනාධිපති බෂර් අල් ආසාද්ට එරෙහිව ආයුධ අරගලයක නිරතව සිටින ජිහාත් කණ්ඩායම් හා අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් රටේ බොහෝ ප්‍රදේශයන් තම පාලනය යටතට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top