දූෂණ විරෝධී හඬ බැඳුම්කර කොමිසම හමුවට කැඳවයි

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ සිදු කළ බැදුම්කර වෙන්දේසියේ සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදීම සඳහා දුෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා අද (02) එම කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

සාක්ෂි ලබාදීමට කැමැත්ත පළ කරමින් ඔහු විසින් කර තිබු ඉල්ලීමකට අනුව ඒ සඳහා ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත.

මෙම බැඳුම්කර වංචාවට අදාළව ලිඛිත සාක්ෂි ගොනුවක්ද මීට පෙර වසන්ත සමරසිංහ මහතා විසින් එම කොමිසමට යොමු කර තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top