උතුර නැගෙනහිරයෙහි සවිකරන නිවාස ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබේ..

උතුර, නැගෙනහිර පළාත්වල සවිකරන ලද නිවාස ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව, රුපියල් ලක්‍ෂ 15ක් වටිනා නිවාස 6 දාහක් ඉදිකිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයනේ පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී බන්‍ධනාගාර හා නැවැත පදිංචි කිරීමේ අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන් මහතා විසින් ඉදිරිපත් කළ එම ව්‍යාපෘතියට මෙලෙස අනුමැතිය ලබාදී ඇති බව වාර්තාවේ.

සවිකරන ලද නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට දෙමළ ජාතික සන්ධානය සිය විරෝධය පළ කර තිබූ අතර, උතුරු පළාත් සභාව ද එයට එරෙහිව කෙටුම්පතක් සම්මත කර තිබුණි. එම විරෝධතා නොතකා මධ්‍යම රජය විසින් සවිකරන ලද නිවාස ඉදිකිරීමට අනුමැතිය ලබාදී තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top