මෝදිගේ සංචාරයට මගේ විරෝධයක් නැහැ – මහින්ද

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් තමාගේ කිසිඳු විරෝධයක් නොමැති බව විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) රුවන් වැල්ල ප්‍රදේශයේදී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෝදි මහතා සහභාගී වන උත්සව සඳහා සම්බන්ධවීමේ ගැටළුවක් නොමැති බවත් තමන්ටද ඒ සඳහා ආරාධනා ලැබී ඇති බැවින් තමන්ද ඊට සහභාගී වන බවත් විශ්‍රාමික ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කරතිබ්.

කෙසේ නමුත් පසුගිය මැයි 01 පැවති මහින්ද පිලේ මැයි රැලියේදී මන්ත්‍රී විමල් වීරවංස ප්‍රකාශයක් කරමින් මහින්ද පිලේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ වෙසක් දිනයට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයට විරෝධය දක්වා කළු කොඩි ඔසවන ලෙස ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top