රිය අනතුරුවනිල් සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

ත්‍රිකුණාමලය අඹේපුස්ස මාර්ගයේ මිරිස්ස වංගුව අසල දී සිදුවූ අනතුරකින් දෙහැවිරිදි දරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. මාර්ගය හරහා ගමන් කිරීමේදී බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ.

කුරුණෑගල පුත්තලම මාර්ගයේ හිරිගොල්ල වැව අසලදී ත්‍රීරෝද රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් සිඳුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියැදුරු වාරියපොළ රෝහලට ඇතුළත් කරන අතරතුර ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

කුරුණෑගල මීගමුව මාර්ගයේ බුලුපිටිය ප්‍රදේශයේ පදිකයෙකු ලොරි රථයක ගැටීමෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබේ. මේ අතර රත්නපුර පැල්මඩුල්ල මාර්ගයේ පතුල්පාන ප්‍රදේශයේ දී මාර්ගය අයිනේ නවතා තිබූ ත්‍රීරෝද රථයක ලොරි රථයක් ගැටීමෙන් සිඳුවූ අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියැදුරු රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top