මාතර කඹුරුපිටිය ඹෙරළිඅතුරුලිය ප්‍රදේශයේ එකම පවුලේ 04 දෙනෙක් අභිරහස් ලෙස මියගොස් නිවසද ගින්නෙන් විනාශවී තිබේ.
ඊයේ රාත්‍රීයේ 10ට පමණ මෙම නිවස ගිණි ගන්නා බව ප්‍රදේශවාසීන් දැක පොලීසියට දැනුම් දී තිබේ. පොලීසිය එම ස්ථානයට පැමිණි විට නිවස මුළුමනින්ම ගින්නෙන් විනාශ වී තිබූ අතර, නිවස ඉදිරිපිට ඇති ගස් දෙකක් අතර හරහට දැමූ උණ ලීයක එම නිවසේ හතර දෙනෙකු එල්ලී සිටිනු දැක තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි පියා, 16 හැවිරිදි දියණිය, 10 හැවිරිදි දියණිය සහ පුත්‍රයෙකු වන 14 හැවිරිදි සාමණේර ස්වාමීන්වහන්සේ නමකයි. මව මොවුන් හැරයාම හේතුවෙන් දියණියන් දෙදෙනාගේ සහ භික්ෂූන් වහන්සේගේ අත් ගැට ගසා තිබූ බැවින් පියා විසින් මොවුන් ඝාතණය කර නිවසට ගිණි තබා පසුව පියාද සියදිවි නසා ගන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කර තිබේ.
සිද්ධිය සම්බන‍්‍ධයෙන් අද පෙරවරුවේ දෙයියන්දර ප්‍රධාන මහේස්ත්‍රාත් එච්. යූ. එම්. පැල්පොල පරීක්‍ෂණ කටයුතු සිදුකර තිබේ.