මට්ටක්කුලිය වෙඩි තැබීමේ සිද්ධිය : සැකකරුවකු අත්අඩංගුවට

මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහු වයස 26 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඝාතනය සඳහා යොදා ගත් T56 ගිනි අවිය සහ උණ්ඩ තොගය ද සොයා ගැනුණි.

මට්ටක්කුලිය ජුබිලි මාවතේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇත්තේ පසුගිය 5 වන දා ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top