උතුර නැගෙනහිර කාන්තාවන් තවඳුරටත් ලිංගික හිංසනවලට ලක්වෙනවා

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) යුද්දයෙන් පසුද උතුර නැගෙනහිර පළාත්වල කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසා සිඳුවන බව පැවැසේ. රාජ්‍ය නිළධාරින්, රාජ්‍ය නොවන ආයතනවල නිලධාරින්, සේවකයන්, හමුදා සෙබළුන්ගෙන් මෙලෙස උතුර නැගෙනහිර කාන්තාවන් ලිංගික වදහිංසාවට ලක්වන බව චෝදනා එල්ලවී තිබේ.

දිවයින පුරාම නිවසේ හිංසනය සහ ලිංගික වදහිංසාව සිඳුවන බව පැවැසේ. කෙසේ නමුත් උතුර නැගෙනහිර පළාත්වල එවැනි සිද්ධියන් වැඩි වශයෙන් සිඳුවන බව බවට ජාත්‍යන්තර ආපදා ආයතනය විසින් වාර්තාවක් නිකුත් කර තිබේ. ආයුධ අරගලය, හමුදාකරණය, සහ සංස්කෘතික හේතු කාරණා නිසා උතුර නැගෙනහිර පළාත්වල ලිංගික හිංසාව වැඩි වශයෙන් සිඳුවන බවට පෙන්වාදී තිබේ.

රාජ්‍ය නිළධාරින්, රාජ්‍ය නොවන ආයතනවල නිලධාරින්, සේවකයන්, හමුදා සෙබළුන් ඇතුළු පිරිසගෙන් තමන් ලිංගික හිංසාවට ලක්වන බවට කාන්තාවන් බොහෝ පිරිසක් චෝදනා කර තිබේ. අතුරුදන්වූවන් සොයාදීමට, ආර්ථික පහසුකම් ලබා ගැනීමට, ජීවනෝපාය ලබා ගැනීමට මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලා සිටින බව පවසා තිබේ. කාන්තා ගෘහ මූලිකත්වය දරණ පවුල්වල කාන්තාවන් කෙටි කාලයක් තුළ ලිංගික සම්බන්‍ධකම් පවත්වා අර්ථික පහසුකම් ලබාගන්නා අවස්ථාද තිබෙන බව පෙන්වාදී තිබේ. ස්ත්‍රී දූෂණ සිද්ධියන් සම්බන්‍ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ඉතා අවම මට්ටමකින් පවතින බවද වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top