ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය සිකුරාදට

medicine - ඖෂදඖෂධ මිල පාලනය කෙරෙන මිල සූත්‍රය නීතිගත කිරීමට කටයුතු කර තිබෙන බවත් එහි ගැසට් නිවේදනය සිකුරාදා දින නිකුත් කෙරෙන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ (18) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ඖෂධ මිල පාලනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

ඒ අනුව වෙළඳපොළේ රෝගීන් බහුලවම භාවිතා කරන ඖෂධ වර්ග 48ක මිල පාලනය කිරීමට මිල සූත්‍රය ක්‍රියාත්මක කරන බවත්, මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම සිකුරාද මධ්‍යම රාත්‍රියේ සිට සිදු වන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, අධික මිල ග්ණනවල ඖෂ්ධ සඳහ ද ඉදිරියේ දී මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමටකටයුතු කරන බව පැවැසීය.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top