යාපනයේ මාධ්‍යවේදීන් ඩුබායිවල සොරකම් කළ බවට සිංහල වෙබ් අඩවියකින් සාවද්‍ය පුවතක්

යාපනයේ මාධ්‍යවේදීන් තිදෙනෙකු ඩුබායිහි මුදල් සොරකමක යෙදුනු බවට සිංහල වෙබ් අඩවියකදී සාවද්‍ය පුවතක් පළ කර තිබේ. ඩුබායිහි පිහිටි ආරක්‍ෂක ආයතනයක සේවය කළ තරුණයන් හය දෙනෙකු ඩිනාර් 11,98000ක් සොරාගෙන ඇති බවට පුවතක් පළ කර තිබුණි.

එම පුවත සම්බන්‍ධයෙන් අදාළ වෙබ් අඩවිය විසින් පළ කළ ඡායාරූපයේදී යාපනයේ සිටින මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ ඡායාරූප ද ඇතුලත් කර තිබේ. ඉකුත් වෙබ් අඩවිය සම්බන්‍ධයෙන් යාපනය මාධ්‍යවේදීන් විසින් යාපනයට පැමිණි පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කළ අතර, මේ සම්බන්‍ධයෙන් කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට පොලිස්පතිවරයා එහිදි සහතිකවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top