විද්‍යා දැරිය ඝාතනයට සම්බන්‍ධ සැකකරුට පලා යෑමට උදව් කළ පොලිස් නිළධාරියාගේ වැඩ තහනම්

යාපනය- කයිට්ස් පුංකුඩිතිව් ප්‍රදේශයේදී දුෂණය කර ඝාතතනයට ලක්වූ ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතකයින් වෙත පලායාමට සහයෝගය දුන් උප පොලිස් පරීක්ෂක ශ්‍රිගජන් නමැති නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇති බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි.

ඊයේ (31) පොලිස්පතිවරයා යාපනය ප්‍රදේශයේ සිදුකළ සංචාරයේදී විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ තොරතුරු විමසීමේදී පොලිස්පතිවරයා මේ බව කියා සිටියේය.

දැරියගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් නමැත්තාට පලායාමට හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රිගජන් නිලධාරියා උපකාර කර ඇති බව සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පවසා තිබේ.

අදාළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් තොරතුරු අධිකරණය හමුවේ නිරාවරණය වීමෙන් පසු ඔහු විදේශ ගතවීමටද උත්සහගෙන තිබූ බවද ආරක්ෂක අංශ පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top