ශ්‍රි ලංකා නාවික හමුදාවේ පළමු අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව ජනපති අතින් අධිකාරියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවට “සයුරළ” නමින් අධිකාරියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේදී පැවැත්විණි.

ඉන්දියාවේ ගෝවා නැව් තටාකාංගනයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් මෙම නෞකාව නිෂ්පාදනය කෙරුණු අතර මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවශ්‍යතාවය අනුව විදේශීය නැව් තැනීමේ ආයතනයක් විසින් නිෂ්පාදනය කරන ලද ප‍්‍රථම නෞකාව මෙය වීමයි. දිගින් මීටර් 105.7 ක් වන මෙම නෞකාවේ පළල මීටර් 13.6 ක් වන අතර මීටර් 05 ක ඉපුලුම් ගැඹුරකින් යුත් මෙහි වේග සීමාව පැයට නාවික සැතපුම් 26 කි.

මෙම නවීනතම නෞකාව පසුගිය ජූලි 28 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර නාවික සම්ප‍්‍රදායානුකූල චාරිත‍්‍ර අනුව නාවික හමුදාව විසින් නෞකාව පිළිගන්නා ලදී.

තවද මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වසරක ඉතිහාසයේ ප‍්‍රථම වරට අලුතින්ම මිලදීගත් ප‍්‍රථම අධි තාක්ණික නෞකාව ලෙස ද සනිටුහන් කෙරේ.

මෙම නවීනතම අධිතාක්ෂණික යුද නෞකාව මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මුර සංචාර, සෝදිසි මෙහෙයුම්, මානුෂීය සහන සහ ආපදා ප‍්‍රතිචාර මෙහෙයුම්, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ මෙහෙයුම් සිදු කිරීමට හැකියාව පවතින අතර බාහිර ගිනි නිවීමේ මෙහෙයුම් සඳහා සහාය දැක්වීමේ හැකියාව ද පවතී. සැහැල්ලූ හෙලිකොප්ටර් යානා ගොඩබස්වන අංගනයක් පැවතිම ද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top