කේරළ ගංජා සමඟ සැකකරුවන් පහක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 30කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු මන්නාරම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මන්නාරම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකින් යතුරුපැදි දෙකකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබේ. පේසායලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන්ව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, කොටදෙණියාව ප්‍රදේශයේ නිවසක් තුළ ඉතා සූක්‍ෂම ලෙස පවත්වාගෙන ගිය කේරළ ගංජා පැකට් බෙදාහැරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය සැකකරුවකුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝගෑම් රකහමාරක තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන විසිදෙවන දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top