SRILANKAN NEWS

ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමිට ඇප

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමිට ඇප ලබා දී තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නඩුව අද(31) කැඳවූ අවස්ථාවේ ඔවුන්ට ඇප ලබා දී ඇත.

අධිකරණය නිකුත් කළ වාරණ නියෝග කඩ කිරීම සහ ඇප කොන්දේසි උල්ලංඝණය කිරීම යන චෝදනාවලට පසුගිය දා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.